“මැණික් කෞතුකාගාරය” :- තවත් ලක්ෂ 40ක් වතුරේ

“මැණික් කෞතුකාගාරය” :- තවත් ලක්ෂ 40ක් වතුරේ

රත්නපුර ප්‍රදේශයේ කුඩා මැණික් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වැය කෙරුණු රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම කුඩා මැණික් කෞතුකාගාරය ආරම්භ කිරීම සඳහා වර්ග අඩි 266.5ක ශාලාවක් වෙන්කර නව මිලදී ගැනීම් සහ අලුත්වැඩියා සඳහා 2016-2019 අතර කාලයේදී රුපියල් ලක්ෂ විසිඑකකට වැඩි මුදලක් වැය කර තිබූ බවත් උපකරණ මිලදී ගැනීම සඳහාද තවත් ලක්ෂ 15ක පමණ මුදලක් වැය කර ඇති බවත් විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන්වේ.

එම කෞතුකාගාරය 2020 වර්ෂයේදී වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීම නිසා ඉහත සඳහන් කළ මුදල අපතේ ගොස් ඇති බව විගණන නිලධාරීහු පවසති. මේ පිළිබඳ තොරතුරු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේද සඳහන් වෙයි.

Facebook
Twitter
LinkedIn