චීනයෙන් ගෙන්වන සහල් කිලෝයක් රුපියල් 375යි

චීනයෙන් ගෙන්වන සහල් කිලෝයක් රුපියල් 375යි

ශ්‍රී ලංකාව මුහුණදී සිටින අසීරු තත්වය සැලකිල්ලට ගෙන චීන රජයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දෙදහසක් පරිත්‍යාග කරන බවත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 2.5ක් වැය කෙරෙන බවත් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කර තිබෙන නිවේදනයට අනුව එම සහල් කිලෝවක මිල රුපියල් 375ක් පමණ වනු ඇත.

දෙරට අතර මිත්‍රත්වය පදනම් කරගෙන සහ චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට 70 වසරක් පිරිම නිමිත්තෙන් මෙය ප්‍රධානය කරන බවත් අදාල නිවේදනයේ දැක්වේ.

මෙරට දිනක සහල් පරිභෝජනය අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 6,000ස ඉක්මවයි. එසේ තිබියදී සහල් මෙට්‍රික්ටොන් 2000ක් වැනි දිනකටත් ප්‍රමාණත් නොවන ඉතාමත් සුළු ප්‍රමාණය පරිත්‍යාග වශයෙන් ලැබීමට තරම් ශ්‍රී ලංකාව බංකොලොත් තත්වය වැටී ඇති බව මින් කියැවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්