පැන්ඩෝරාවෙන් නම කියැවුණු නිරූපමා, ජලනී එකම සාදයක…

පැන්ඩෝරාවෙන් නම කියැවුණු නිරූපමා, ජලනී එකම සාදයක…

වංචනික ලෙස උපයාගන්නා ලද මුදල් විදේශයන් හි තැන්පත් කිරීම පිළිබඳව පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබෙන නිරූපමා රාජපක්ෂ සහ විපක්ෂනායක බිරිඳ ජලනි ප්‍රේමදාසමෙන්ම සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස කොළඹ හිල්ටන් හෝටලේ ප්‍රියසම්භාෂණයක් පවත්වා ඇත.

ඒ පිළිබඳව ඡායාරූප රැසක් සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් පවතී. මෙම ප්‍රියසම්භාෂණයට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, වියත් මග සාමාජිකාවක් වන, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනි චම්පා දිල්හාරා අමරසේකර, සජිත් පිලේ අපේක්ෂිකාවක වූ හිටපු මන්ත්‍රිනී චන්ද්‍රානි බන්ඩාර ඇතුළු දේශපාලනයට සම්බන්ධ පිරිසක් මෙයට සහභාගී වී තිබේ.

පැන්ඩෝරා පත්‍රිකාවට නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන් දෙදෙනාගේ නම් ඇතුළුත් බව ප්‍රකාශයට පත් වූ දිනවල ජනාධිපතිවරයා විසින් ඒ පිළිබදව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කළද මේ වනතුරුත් එම කමිටුවේ වාර්තාවක් ලබා දී නැත.

Facebook
Twitter
LinkedIn