ගෑස් පොලිමේ සිටි වයෝවෘද්ධ පියෙක් සිහිසුන්ව ඇදවැටෙයි…

ගෑස් පොලිමේ සිටි වයෝවෘද්ධ පියෙක් සිහිසුන්ව ඇදවැටෙයි…

දෙහිවල ගෑස් පෝලිමේ රැදී සිටි වයෝවෘද්ධ පියෙකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටී තිබේ.

එම සිදුවීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය එම පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

දෙහිවල ගාලුපාරේ වෛද්‍ය පාර ආසන්නයේ ඇති ගෑස් අලෙවි මධ්‍යස්ථානයේ අද (24) උදෑසන සිට ගෑස් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් සහිත දිගු පෝලිමක් දක්නට ලැබෙන අතර මෙම වයෝවෘද්ධ පුද්ගලයා සිහිසුන් වී ඇත්තේ එම පෝලිමේ රැදී සිටියදීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්