අවුරුදු 2ට චීනයෙන් විතරක් ඩොලර් මිලියන 5300ක් අරගෙන

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ වනවිට චීනයෙන් ඩොලර් මිලියන 5,300ක් ණයට ගෙන ඇති බව මෙරට සිටින චීන තානාපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළිකර ඇත.

පසුගිය 2020 මාර්තු මාසයේ සිට මේ වසර ආරම්භය දක්වා ඩොලර් මිලියන 2,800ක් ලබා ගෙන ඇති අතර තවත් ඩොලර් මිලියන 2,500ක් ඉල්ලා තිබේ. මෙම තොරතුරු මෙරට සිටින චීන තානාපතිවරයා හෙළඝිකර තිබුණද ආණ්ඩුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් හෙළිකර නැත.

පවතින විදේශ විනිමය දැඩි අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1,000ක් ලබාගත් සැනින් චීනයෙන් ඩොලර් මිලියන 2,500ක් ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn