GIF නිර්මාතෘ විල්හයිට් අභාවප්‍රාප්ත වෙයි

GIF නිර්මාතෘ විල්හයිට් අභාවප්‍රාප්ත වෙයි

පරිඝනක ලෝකයම ආක්‍රමණය කළ “GIF” නිර්මාතෘවරයා ලෙස ප්‍රකට අමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාඥයෙකු වූ ස්ටීවන් විල්හයිට් අභාවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති ඔහු මියයන විට ඔහු 74 වන වියෙහි පසුවිය.

ඔහු 1987 වසරේදී මෙම Graphics Interchange Format නොහොත් “GIF” ආකෘතිය නිර්මාණය කර තිබේ.

අනතුරුව 2010 වසරවන විට “GIF” අන්තර්ජාලය ආක්‍රමණය කිරීමට සමත් විය.

එසේම ස්ටීවන් විල්හයිට් නිහතමානී මිනිසෙකු ලෙස ලෝකයේම ආදරය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්