ලංකා සතොස මගින් පාරිබෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය එක් අයෙකුට ග්‍රෑම් 500ක් දක්වා සිමා කර තිබේ.
මෙයට අමතරව හාල් කිලොග්‍රෑම් 05ක්, සීනි උපරිම කිලොග්‍රෑම් දෙකක්, සැමන් උපරිම ටින් එකක් සහ පොල් ගෙඩි උපරිම තුනක් වශයෙන් භාන්ඩ අලෙවිය සීමා කර ඇතැයිද පාරිබෝගිකයෝ කියති. ලංකා සතොස ඇතැම් අලෙවිසල්වල සීමා කර ඇති ප්‍රමාණයට හෝ භාන්ඩ මිලදී ගැනීමට නොමැති බවද ඔවුහු පවසති.
මිල දර්ශනය පමනක් දර්ශනය කර තිබුණත් සතොස ශාඛා මගින් මිලදී ගැනිමට භාන්ඩ නොතිබූ බවද පාරිභෝගිකයෝ කිියති. සම්බා කිලෝව රුපියල් 130ක්, සුදු සහ රතු කැකුලු කිලෝව 105ක්, දුඔරු සීනි 158ක් රතු පරිප්පු කිලෝව රුපියල් 360ක් ලෙස සතොස අළෙවි සැල් මගින් භාන්ඩ අලෙවි කෙරේ.
1










