රටේ ඉන්ධන ප්‍රශ්නයට විසදුමක් වශයෙන් සහ පරිසර හිතකාමී ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මානය කරනු ලැබ ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරියේෂණ විශිෂ්ටතා ප්‍රදර්ශනය 2022 ඒකාබද්ධ ජල පර්යේෂණ මධ්‍යස්ථානයේ දී ඊයේ 23 ආරම්භ වූ අවස්ථාවේදී මෙම ත්‍රීරෝද රථය ප්‍රතම වරට ප්‍රදර්ශනය කෙරිණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා විදුලියෙන් කියාකරන එම ත්‍රීරෝද රථය පිළිබඳව මෙහිදී මාධ්‍යට හදුන්වා දුන්නේය.
ඊ – වීලර් යනුවෙන් හදුන්වා ඇති එම විදුලි ත්‍රීරෝද රථය එක් වරක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර 60ක දුරක් ගමන් කළ හැකි බව මහාචාර්යවරයා කියයි. මහාචාර්යවරයා කියනුයේ මෙම ත්‍රීරෝද රථය ව්‍යාපාර මට්ටමින් ආරම්භ කළවිට මෙරට ඇති මිලියන දෙකක් වු ත්‍රීරෝද රථ විදුලියෙන් දාවනය කරවීමට හරවා ගත හැකි බවයි.
මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ ඒ සඳහා යොදන බැටරිය ත්‍රීරෝද රථය ආරෝපණය කිරීමට අවශ්‍ය නොවීමත් හිස් ගෑස් සිලින්ඩරයක් දී අලුත් ගෑස් සිලින්ඩරයක් ලබාගන්නා ආකාරයට භාවිතා කළ බැටරිය ඒ සඳහා සථාපිත කරන මධ්‍යස්ථානවලට දී ආරෝපණය කළ බැටරියක් ලබාගත හැකි වීමයි.
එවිට ත්‍රීරෝද රථ හිමිකරුට එහි විදුලිය සදහා පමනක් යම් මුදලක් ගෙවීමට සිදුවන බව මහාචාර්යවරයා කීය.
දැනට මෙම විය්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී ඇති බවද මහාචාර්ය ලිලන්ත සමරනායක පැවසීය.










