අද (24) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැය 07කට ආසන්න විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව P,Q,R,S,T,U,V,W දක්වා කලාප 08 සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04ක මිනිත්තු 30 කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 50ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
ඊට අමතරව A,B,C,D,E,F,G,H,J,K,L දක්වා වූ කලාප 12 සඳහා අද දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව අදාළ කලාපවලට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

0










