මෙරට විදේශ විනිමය වෙළඳපොලේ ඉල්ලුම සහ සැපයුම මහ බැංකුව විසින් සමතුලිතතාවයකින් පවත්වා නොගැනීම නිසා ඩොලර් මිලියන 5000ක් රටට අහිමි වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ හළෙි කර ඇත.
එම විශ්ලේෂණයන් උපුටාගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පිඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ඩැනී අතපත්තු පවතින ආර්ථික අර්බුදය පිළිබඳව විශ්ලේෂණයක් සිදු කර තිබේ.ලංකාදීප අද (24) පුවත්පතේ එම විශ්ලේෂණය පල කර තිබේ.
රටට ඩොලර් අහිමිවීම පිළිබඳව ඔහු දක්වා තිබෙන්නේ “එහෙත් මහ බැංකුව දැඩි තීරණයක සිටිමින් කියා සිටියේ ඩොලරයක වටිනාකම රුපියල් 202ක සීමාවේ තබා ගන්නා බවය. කිසිම හේතුවක් නිසාවත් එය වෙනස් නොකරණ බව මහ බැංකුව දැඩිව කීවේය. වෙළඳපොලේ ඩොලරයට තිබෙන ඉල්ලුම සහ සැපයුම අතර අති විශාල අසමතුළිත තාවක් පවතින විටක එසේ කළ නොහැකි බව මහ බැංකුව දැන සිටියේ නැත. ඒ අනුවන කම නිසා රටට සිදු වූ පාඩුව ඩොලර් කෝටි 500කට අධික බව ආර්ථික විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි.” යනුවෙනි.









