ගෑස් පිපිරීමෙන් මියගිය කාන්තාවගේ සැමියා සහ දරුවන්ගෙන් පෙත්සමක්

ගෑස් පිපිරීමෙන් මියගිය කාන්තාවගේ සැමියා සහ දරුවන්ගෙන් පෙත්සමක්

කුණ්ඩසාලේ ප්‍රදේශයේදී ගෑස් උඳුන පිපිරී බරපතළ තුවාල ලබා මිය ගිය කාන්තාවගේ සැමියා සහ ඔහුගේ දරුවන් සිව් දෙනා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍ය නොවන මිනීමැරුම සහ අනතුරුදායක ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර අලෙවි කර, කාන්තාවක් මියයාමට සැලැස්වීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙසත් පොලිස්පති වරයා සහ නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස 01 වනදා තම බිරිඳ ආහාර පිසීම සඳහා ගෑස් උදුන ක්‍රියාත්මක කළ අවස්ථාවේදී විශාල පිපිරීමක් සමඟ ගින්නක් හටගත් බවය.

ඉන් බරපතළ පිළිස්සීමකට ලක් වූ ඇය මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 11 වන දා මියගිය බවත් පෙත්සම්කරුවන් චෝදනා කරයි.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් තත්වයෙන් බාල අනතුරුදායක ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම හේතුවෙන් මෙම අනතුරුදායක තත්වය උද්ගත වූ බවද ඔහු සිය පෙත්සමෙන් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්