පසුගිය වසරේ අවසන් මාස හතර තුළ මෙරට වාණිජ බැංකු ප්‍රධාන නියෝජිත ආයතන 78ක් වසා දමා ඇති බවත්, බැංකු ශාඛා දෙකක් වසා ඇති බවත් කැබිනට් පත්‍රිකාවකින් අනාවරණය වේ.
මුදල් ඇමතිවරයා විසින් ජනවාරි 13 වෙනි දින “1988 අංක 30 දරණ බැංකු පනතේ 12 (1) වගන්තිය යටතේ බැංකු පහසුකම්” යනුවෙන් එම කැබිනට් පත්‍රිකාව නම් කර තිබේ. නව බැංකු ශාඛා විවෘත කිරීම්, ටෙලර් යන්ත්‍ර විවෘත කිරීම්, ප්‍රධාන නියෝජිත ආයතන පත් කිරීම් ඇතුළු බැංකු කටයුතු සම්බන්ධ කරුණු හයක් එම කැබිනට් පත්‍රිකාවේ දක්වා තිබේ.
ප්‍රධාන නියෝජිත ආයතන තුනත් අලුතින් හඳුන්වාදී ඇති අතර වසා දැමීම් 78ක් එම කාලය තුළ සිදුකර ඇතැයි එම කැබිනට් පත්‍රිකාවේ දක්වා තිබේ.
0










