අද (02) අළුයම 03ට පමණ රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට කඩා වැදුණු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ මැර පිරිසක් වෛද්‍ය සිසුන්ට පහරදී ඇති අතර සිසුන්ගේ මැදිහත්වීමෙන් ඔවුන් පැමිණි වාහනයක් සහ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඩී.කේ සමරතුංග නැමති පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ අයෙකු වන අතර සිසුන් විසින් සිය භාරයට ගෙන පොලිසියට බාර දෙනු ලැබූ WP KI 2376 මොටර් රථය එම එම අමාත්‍යාංශයට අයත් පොල් සංවර්ධන මණ්ඩලයේ මෝටර් රථයක් බවත් මේ වෙනවිට සිසුන් විසින් හඳුනාගෙන ඇත.
පොලු මුගුරු රැගෙන 15ක පමණ පිරිසක් වාහන කිහිපයකින් මෙම පහරදීම සඳහා පැමිණ තිබෙන අතර පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ.
1













