එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියෙන් විපතට පත් ධීවර ප්‍රජාවට වන්දි ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර නීතිඥ සමාගමකට ඩොලර් 222,291 ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි විසින් ඉදිරිපත් කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ ස්පාර්ක් හෙල්මෝර් නම් නීතිඥ සමාගම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 64,093 ක්, 84,170ක් සහ 74,028ක් වශයෙන් අවස්ථා 3කදී මෙම ගාස්තු මුදල් ගෙවීමට නියමිතවී ඇත. මෙම නීතිඥ සමාගමේ සහාය ලබා ගනිමින් මේ වනවිට අයකර ගෙන තිබෙන මුළු වන්දි මුදල රුපියල් මිලියන 259.6ක් බව එම කැබිනට් පත්‍රිකාවේ තව දුරටත් දැක්වේ. මෙම මුදල ඩොලර් මිලියන 1.28ක ආසන්න මුදලකි.
දළ වශයෙන් ඩොලර් මිලියන 1.28ක් ලබා ගැනීමේ නිතිඥ ගාස්තු ලෙස ඩොලර් මිලියන 0.222ක් පමණ ගෙවා ඇත. එනම් ලබා ගත් වන්දි මුදලින් 1/5කට ආසන්න ප්‍රමාණයක් නිතිඥ ගාස්තු ලෙසින් ගෙවීමට සිදුවී තිබේ. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිමිකම් ලෙස ඩොලර් මිලියන 3.7ක් ලබා ගැනීමට සාකච්ඡා කරමින් පවතින බවද එම කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.










