ග්ලයිෆොසෙට් තහනමත් රිවස්…

ග්ලයිෆොසෙට් තහනමත් රිවස්…

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 05ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් පළිබෝධ නාශක මත පනවා තිබූ භාවිතය සහ විකිණීමේ තහනම ඉවත් වනු ඇත.

එකල මෙම පළිබෝධ නාශක තහනම් කරනු ලැබූවේ එයින් ඉතා විශාල වශයෙන් පසට ආසනික් එකතුවන බව සඳහන් කරමිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්