දැනට ආනයනය තහනම් කර ඇති කරුංකා නියමු ව්‍යාපෘතියක් ලෙස ආනයනය කිරීමට එක් සමාගමකට අවසර ලබාදෙන ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.
එම යෝජනාව යුගදවි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට විරුද්ධව විශාල හඬක් නගන ඇමතිවරුයකු ඉදිරිපත් කර ඇතැයි වාර්තාවන අතර ඔහු යෝජනා කර ඇති සමාගම් හිමිකාරිත්වය දරන්නේද ජනාධිපතිවරයාට හිතවත් පසුගිය ආණ්ඩු සමයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, ඔහුට එරෙහි නඩුවකින් මෑතක නිදහස් වූ පුද්ගලයෙකු බව වාර්තා වේ.
ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කරුංකා ඉන්දියාවට අපනයන කිරිමේ පහසුකම ලබා දී තිබූ අතර ආනයනය කරන ලද කරුංකා ශ්‍රී ලංකාවේ කරුංකා වශයෙන් හඳුන්වා ඉන්දියාවට එවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමෙන් පසු කරුංකා ආනයනය තහනම් කරනු ලැබීය.
0










