ශ්‍රී ලංකාවේ පැළෑටි නිරෝධායන මධ්‍යස්ථානයේ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් චීනයෙන් ගෙන්වීමට කටයුතු කළ, මතභේදාත්මක කාබනික පොහොර ශ්‍රී ලංකාවටත් චීනයටත් පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි වාර්තා වේ.
මේ අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ දෙපාර්ශවයටම එකඟ වියහැකි ආයතනයකින් යළි පරීක්ෂා කිරීමට එකඟ වූ බවයි.
මේ අතර කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) උදෑසන ප්‍රකාශ කර තිබුණේ, හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා සහ චීනයේ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවයි.
Views: 0










