පොදු අපේක්ෂකයා හා සහාය දෙන කණ්ඩායම් ගිවිසුමකට

ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දෙන පක්ෂ අද (01) විහාරමහදේවි එලිමහන් රංග පීඨයේදී ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව පැවසේ.

මෙම අවස්ථාවට පොදු අපේක්ෂකයාට සහාය දක්වන දේශපාලන පක්ෂ, සංවිධාන, මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ පිරිසද සහභාගී වීමට නියමිතය.

පසුගිය දා ජාතික හෙළ උරුමය පක්ෂය විධායක ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල කප්පාදුව ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කළ අතර අද සවස එම පක්ෂය සමඟද එකඟතා ගිවිසුමකට එළඹීමට  සූදානම් කර තිබෙන බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn