ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග රටතුළ ඇතිවී තිබෙන දේශපාලන උණුසුම සමීපව නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාව පිළිබඳව දැඩි අවධානය යොමු කර තිබේ.
බ්‍රිතාන්‍ය, ඇමරිකාව, චීනය සහ ඉන්දියාව මේ අතරින් දැඩි අවධානයක් යොමු කර සිටින ප්‍රමුඛතම රටවල්ය. ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (01) ලංකාවට පැමිණීම මේ අතරින් සුවිශේෂී වැදගත් කමක් ගන්නා බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් මෙන්ම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටුපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂයේ පක්ෂ ගණනාවක නායකයින් හමුවීමට නියමිතය.
එමෙන්ම බ්‍රිතාන්‍යය, ඇමරිකාව, චීනයේ මෙරට තානාපතිවරුන්ද විපක්ෂයේ ප්‍රබල නායකයින් සමග ඇතිවී තිබෙන දේශපාලන තත්වය පිළිබඳව දුරකතන මගින් මෙන්ම සෘජුව හමුවීමෙන්ද අදහස් හුවමාරු කරගනිමින් සිටින බව අනාවරණය වේ.









