(දෙවන සංස්කරණය) ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දෙන පක්ෂ අද (01) පෙරවරුවේ විහාරමහදේවි එලිමහන් රංග පීඨයේදී ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම අවස්ථාවට පොදු අපේක්ෂකයාට සහාය දක්වන දේශපාලන පක්ෂ, සංවිධාන, මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ පිරිසද සහභාගී වී තිබේ. එම අවස්ථාවට සහභාගී වූ පිරිස් පළමුව නගර ශාලාව ඉදිරිපිටදී සර්ව ආගමිකවතාවත්වල නිරත වූ අතර අවබෝධතා ගිවිසුමට පළමුව රනිල් වික්‍රමසිංහ මහතාත්, මෛත්‍රීපාල සිරිසේන මහතාත් අත්සන් කළේය.
මෙම අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහාවු ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමි ,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ,මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානයක්කාර , පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුලු පිරිස් සහභාගී වූහ.













