අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා කොමියුනිස්ට් පක්ෂය දෙකඩ කරගනිමින් ආණ්ඩුවේ දිගටම රැදී සිටින්නේ හේතු කිහිපයක් නිසා බව එයින් එක් හේතුවක්ව තිබෙන්නේ විශාල මූල්‍ය ගණුදෙනුවක් බව අනාවරණය වේ.
කොමියුනිස්ට් පක්ෂයේ මහල් හතරකින් යුත් බොරැල්ල, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවතේ පිහිටි ගොඩනැගිල්ල රජයේ තක්සේරු වටිනාකම මසකට රුපියල් හාරලක්ෂ පනස් දහසක්ව තිබියදී එය මසකට රුපියල් හත්ලක්ෂ තිස්පන් දහස දක්වා ඉහළ මිලකට බදු දීමේ මූල්‍ය ගණුදෙනුවක් බව හෙළිවේ. මෙම වසරේ අගෝස්තු මස පළමු වෙනි දින සිට 2016 ජූලි 31වන දින දක්වා පුරා වසර දෙකකට මෙම ගොඩනැගිල්ල බදු දී තිබේ.
මේ අනුව රුපියල් එක්කෝටි හැත්තෑහය ලක්ෂ හතලිස් හය දහසක (රු. 17,640,000) මුදලක් ලබා ගෙන ඇත. මෙම ගණුදෙනුව අනුව අදාළ ගොඩනැගිල්ල සඳහා ආණ්ඩුව විසින් ලබා දී තිබෙන වැඩිපුර මුදල රුපියල් හැටඅට ලක්ෂ හතලිස් දහසක් (රු. 6,840,000) ය. මේ සඳහා අදාළ කැබිනට් සංදේශය අධිකරණ අමාත්‍යවරයා විසින් පසුගිය ඔක්තොම්බර් මස 14වන දින ඉදිරිපත් කර තිබේ.
ඩිව් ගුණසේකර මහතා පාර්ලිමේන්තු කෝප් කාරක සභාවේ සභාපතිවරයා වන අතර කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කරයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නීති විරෝධී හදිසි ජනාධිපතිවරණයක් කැඳවමින් ඒකාධිපති පාලනයකට සූදානම් වන බැවින් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් යෝජනා කලද ඩිව් ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එයට එරෙහි මතයක් දරමින් දිගටම ආණ්ඩුවේ රැදී සිටීමට ප්‍රධාන හේතුව මෙම මූල්‍ය ගණුදෙනුව බව අනාවරණය වේ.








