ආණ්ඩුවේ දිනමිණ පුවත්පත සමග අද (19) නිකුත් කරන ලද සෙත්මිණ නම් ජ්‍යෙතිෂ්‍ය අතිරේකයේ විශේෂ කරුණු කිහිපයක් ඉස්මතු කර තිබේ. ” වර්තමාන රාජ්‍ය පාලනයට පිවිස සිටින මහා සංඝරත්නයට ඉන් ඉවත් වීමට කටයුතු සම්පාදනය වේ.” යනුවෙන් සඳහන්ය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා කටයුතු කළ අතුරලියේ රතන සහ ඕමල්පේ සෝභිත හිමි ඇතුළු ජාතික හෙළ උරුමය මේ වනවිට ජනාධිපතිවරයා සමග බරපතල ගැටීමක් ඇතිකර ගෙන අවසන්ය. මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ බුද්ධිමතුන්ට අශුභ කාලයක් උදාවන බවය. ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ට මැරයන් යොදවා පහර දුන්නා සේ මේ වනවිටද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු බුද්ධිමතුන්ට විවිධ තර්ජන එල්ලකර හමාරය.
එම ජ්‍යොතිෂ අනාවැකිවලට අනුව දේශීය වෛද්‍යවරුන්ට මෙන්ම බටහිර වෛද්‍යවරුන්ටද අනපේක්ෂිත කරදර හිරිහැර බාධක එල්ල වන බව කියැවේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්රශ්නය මුල් කරගනිමින් මේ වනවිටද නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා වෛද්‍යවරුන් පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටී. මේ අනුව පැහැදිලි වන්නේ ජ්‍යොතිෂ අනාවැකි නම් මිත්‍යා විශ්වාසවලට මුවා වී ජනතාව නොමග යැවීමේ ප්‍රබල මෙහෙයුමක් ආණ්ඩුව විසින් දියත් කරමින් සිටින බවය.








