හදිසි නීතිය සම්මත කර ගැනීමත් සමඟ සෞඛ්‍ය අංශවලට ප්‍රහාර එල්ල කිරීම දැඩි කරයි

හදිසි නීතිය සම්මත කර ගැනීමත් සමඟ සෞඛ්‍ය අංශවලට ප්‍රහාර එල්ල කිරීම දැඩි කරයි

මේ වන විට සෞඛ්‍ය අංශවලට එරෙහිව සංවිධානාත්මකව දියත් කර තිබෙන ප්‍රහාරයන් හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් දැඩි වේදනාවට ලක්වී සිටින අතර මුල් පෙලේ ස්වේච්ඡා ක්‍රියාකාරකයින් ඉල්ලා අස්වීමටද පටන් ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව සහ අනුක වෛද්‍ය වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී ක්ෂුද්‍ර ජීව විද්‍යා මහාචාර්ය නිලීකා මලවිගේ මේ වන විට දැඩි වේදනාවකට පත් වී සිටී. එමෙන්ම, අයිඩීඑච් රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්දන උපදේශන කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. කොවිඩ් මර්දන ක්‍රියාවලිය තුළ ගන්නා ඇතැම් තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග හේතුවෙන් අනාග‍තයේදී සිදුවිය හැකි ව්‍යසනයට තමාට වගකිව නොහැකි බව වෛද්‍යවරයා පවසා තිබේ.

මේ අතර නිලීකා මල්විගේ මහාචාර්යවරිය පාසල් විවෘතව කරන ලෙස ප්‍රකාශ කළේ යැයි ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් දැඩි වේදනාවකට පත්වී සිටියි. බීබීසී සිංහල වෙබ් අඩවිය ඇයගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගෙන “මට අප්‍රියජනක හැඟීමක් එන්නේ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මේ කරන දේ ගැන මට ඇති වෙලා තිබෙන්නේ. මෙය නැවැත්විය යුතුයි! ඇයි ඔවුන් මෙහෙම කරන්නේ? මෙහි ඉවරයක් නැද්ද?” යනුවෙන් වාර්තා කොට තිබේ.

මේ වන විට සෞඛ්‍ය අංශවලට එරෙහිව සංවිධානාත්මකව ගෙන යන ප්‍රහාර හමුවේ කොවිඩ් උවදුර ලංකාවට පැමිණි දා සිට සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ මහාචාර්ය නිලීකා මලවිගේ යන දෙදෙනාම දැඩි වේදනාවකට පත්කර ඇති බව පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn