දත්ත විකෘති කිරීමේ තරම ජනාධිපති නිල වෙබ් අඩවියෙන් හෙළිවේ

දත්ත විකෘති කිරීමේ තරම ජනාධිපති නිල වෙබ් අඩවියෙන් හෙළිවේ

ඊයේ දිනය අවසන් වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන මුලු සංඛ්‍යාවට අලුතින් 5,603ක් එකතු වී ඇති බව ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ දත්තවලින් හෙළිවන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දත්තවල සඳහන් කර තිබෙන්නේ 3,333ක් වී ඇති බවය.

ජනාධිපති නිල වෙබ් අඩවියට අනුව පෙරේදා (03) දිනය අවසන් වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් 61,429ක් සිට ඇති අතර ඊයේ දිනය අවසන් වන විට එය 67,032 දක්වා වැඩිවී ඇත.

එසේම, මෙතෙක් මියගිය මුලු සංඛ්‍යාව 9,951ක් වී තිබේ.



අද (05) ජනාධිපති නිල වෙබ් අඩවියට අනුව කොරෝනා වාර්තාව

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් නිකුත් කළ වාර්තාව

No photo description available.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්