ජපාන අගමැතිට තනතුර එපා වෙයි

ජපාන අගමැතිට තනතුර එපා වෙයි

ජපාන අග්‍රාමාත්‍ය ‘යොෂිඩේ සුගා’ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මීට පෙර හිටපු අග්‍රමාත්‍ය ‘ෂින්සෝ අබේ’ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වූ අතර සෞඛ්‍ය හේතුන් මත තමන් අගමැති ධූරයට සමුදෙන බව ඔහු පවසා තිබිණි. ඉන් පසු අගමැතිධූරයට පත්වූ ‘යොෂිඩේ සුගා’ මහතාද මේ වනවිට 72 වැනි වියේ පසුවන අතර දේශපාලන කටයුතු සහ කොරෝනා වසංගතය පාලනය කිරීම නිසා තමන් වීඩාවට පත්ව සිටින බව ඔහු පවසා තිබේ.

ජපාන මහ මැතිවරණය එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන අතර ඊට ඉදිරිපත් නොවීමටද තීරණය කර ඇති බව යොෂිඩෝ සුගා පවසා තිබේ.
මේ දක්වා ඔහු නායකත්වය දරන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා තේරීම ලබන 29 වනදා සිදුකිරීමට නියමිතව ඇති බව පැවසේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජපානයේ වත්මන් ආණ්ඩුවට ජනතාවගෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙමින් ඇති අතර අගමැතිවරයාට හිමිව තිබූ ජනතා ප්‍රසාදය පසුගිය කාලයේදී වේගයෙන් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්