තවත් කොවිඩ් මරණ 202ක්…

තවත් කොවිඩ් මරණ 202ක්…

අද (03) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාව අනුව පුද්ගලයින් 202 දෙනෙකු ඊයේ (02) මරණයට පත්ව තිබේ.

ඒ අනුව කාන්තාවන් 89 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 113 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 9,806ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 60 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 09වන ස්ථානයේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්