දකුණු පළාතේ ප්‍රබල සංවිධානත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා නැමැත්තා නාදුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාතර – කොටවිල – වරකපිටිය ප්‍රදේශයේදී අද (03) දහවල් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරය ලක්ව තිබේ. වෙඩි ප්‍රහාරයෙන් මොටර් රථයේ රියැදුරු අසුනේම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාතාල නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන පෙලේ සහයකයෙකු ලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා කටයුතු කර ඇති බව පැවසේ.
0










