යුද හමුදාවේ බ්‍රේගේඩියර්වරයෙක් කොරෝනාවට බිලි

යුද හමුදාවේ බ්‍රේගේඩියර්වරයෙක් කොරෝනාවට බිලි

කෝවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි. උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මරණයට පත්ව ඇති බව යුද හමුදාව පවසයි.

කොවිඩ් හා ඩෙංගු රෝගයන් එකවරම වැලදිම හේතුවෙන් මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයේ යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මරණයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 31 ක් රාජකාරි කළ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ඩි. උදයසේන මහතා මිය යන විට 53 වැනි වියේ පසු විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්