ශ්‍රී ලංකා පොලිස් සේවය පිහිටුවා අද (03) දිනට වසර 155ක් සපිරෙන අතර පොලිස් සේවයේ 11,700ක් මේ වනවිට කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇති බව වාර්තා වේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වන අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ දක්වා කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ පොලිස් සේවයට වසර 155ක් සපිරීම නිමිත්තෙන් පොලිස් දින සැමරුම නොපැවැත්වෙන බවත් පොලිස් ස්ථාන හා පොලිස් කාර්යාල මට්ටමින් පොලිස් ධජය එසවීම පමණක් සිදුකෙරෙන බවද පැවසේ.
1










