ශ්‍රී ලාංකික අන්තවාදියෙක් නවසීලන්ත පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

ශ්‍රී ලාංකික අන්තවාදියෙක් නවසීලන්ත පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නිව් ලින් සුපිරි වෙළඳසැලට පැමිණ ප්‍රහාරයක් එල්ලකරමින් සිටී ශ්‍රී ලාංකිකයෙකු එරට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පැවසූවේ වසර 10 ක් නවසීලන්තයේ පදිංචිව සිට ඇති මොහු සිටි ශ්‍රී ලාංකිකයෙකි. ඔහු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමේ ආනුභාවලත් අයෙකු වන අතර ඔහුව නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටි බවයි. “ප්‍රචණ්ඩ අන්තවාදියෙකු අහිංසක නවසීලන්ත වැසියන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු පැහැදිලිවම අයි.එස්.අයි.එස්. මතවාදයේ ආධාරකරුවෙක්. ප්‍රහාරකයා ඕක්ලන්ඩ් නගරයේදී ප්‍රහාරය ආරම්භ කර තත්පර 60 ක් ඇතුළත ඝාතනය කළා. ” යනුවෙන් අගමැතිනි ආර්ඩර්න් කෙටි සාකච්ඡාවේදී පැවසීය.

මෙම ශ්‍රී ලාංකිකයා ඕක්ලන්ඩ් හි පිහිටි සුපිරි වෙළඳසැලකට අද ඇතුළු වී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් පසු පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදුව ඇති බවත් ඉන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ශ්‍රී ලාංකික පුද්ගලයා සම්බන්ධයෙන් නවසීලන්ත ආරක්ෂක අංශ පසුගිය 2016 වසරේ සිට නිරීක්ෂණය කරමින් සිට ඇති අතර මෙම පුද්ගලයා අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම සමඟ සබඳතා පවත්වා ඇති බවට ද තොරතුරු පවතින බව යි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්