චේගේ දියණිය කියුබාවේ මෑත සිදුවීම් පිළිබඳව සිය මතය ඉදිරිපත් කරයි

චේගේ දියණිය කියුබාවේ මෑත සිදුවීම් පිළිබඳව සිය මතය ඉදිරිපත් කරයි

මම කියුබාවේ ජීවත් වෙමි, මම මගේ ජනතාවට ආදරය කරන අතර අපගේ විප්ලවය ආරක්ෂා කරමි. මම ජාත්‍යන්තර වෛද්‍යවරයෙක් වන අතර ඒ ගැන ගැන ආඩම්බර වෙමි. මම අද කියුබාවේ යථාර්ථය දකින අතර මගේ විවේචනද ඇත. අප වැඩිදියුණු කළ යුතු බොහෝ දේ සහ අප වෙනස් කළ යුතු තවත් බොහෝ දේ ඇති බව මගේ වැටහීමයි. කියුබාවේ ශ්‍රේෂ්ඨ ජාතික වීරයකු සහ කවියෙකු වන José Martí මගේ පරමාදර්ශයන්ට බෙහෙවින් බලපා ඇත. ඔහුට අනුව සූර්යයාගේ කැළැල් ඇත, නමුත් එය එතරම් ශක්තියක් සහ ආලෝකයක් සපයන හෙයින් එම කැළැල් නොසලකා හැරිය යුතුය. සෑම මිනිසෙකුටම ගරු කිරීමට José Martí අපට ඉගැන්නුවා; අප සියල්ලන්ම එක හා සමානව නොසිතන නමුත්, අපව තව එකෙකු විසින් ඇහුම්කන් දීමට අයිතියක් ඇත සහ අන් සියල්ලටත් වඩා අපව අනෙකා විසින් සලකා බැලීමට අයිතියක් ඇත. නමුත් යමෙකු එම අයිතිය උපයා ගත යුතුය.

ඔබට කැමති තරම් දිගු හා ඝෝෂාකාරී ලෙස කෑ ගැසිය හැකිය, නමුත් ඔබ අසල සිටින අය වෙනස් දෙයක් ගැන කෑ ගසන්නේ නම්, ඔබ කෙතරම් ඝෝෂාකාරී වුවත් කිසිවෙකු ඔබ කියන දෙය තේරුම් නොගනී. එබැවින් පොදු නීති රීති තිබීම වැදගත්ය. ඔබට යමක් විවේචනය කිරීමට අවශ්‍ය නම්, එම ගැටලුවට විසඳුමක් යෝජනා කිරීමට ඔබට හැකියාව තිබිය යුතු බව මම නිර්දේශ කරමි. විශේෂයෙන්ම දැනුවත්ව හා ආත්ම ගෞරවයෙන් යුත් පුද්ගලයන් විසින් එය මුළුමනින්ම නිෂ්පල බව පිළිගනිති. කියුබානුවන් එවැනි හැසිරීම් වලට සහ එවැනි හැසිරීම් හරහා ජනිත වන වෛයිරයට හුරුවී නැත. මට වඩාත්ම සිත් තැවුලක් ඇති කරන කාරනාව නම්, එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන්ට එක්සත් ජනපද රජයේ ආයතන සමඟ ඇති මූල්‍ය සම්බන්ධතා පිළිගැනීමට ලැජ්ජාවක් නැති වීමයි.

කියුබානු විප්ලවය පරිපූර්ණ එකක් නොවන නමුත් මෙම ගැටළුව විසඳීමට අයිතිය ඇත්තේ කියුබානුවන් වන අපට පමණි. සමහර විරෝධතා කරුවන් විදේශීය බලවතුන්ගේ මැදිහත් වීමක් ඉල්ලා සිටි විට කියුබානුවන් අතර ඇති වූ ප්‍රතිචාරය ඔබට සිතාගත හැකිද! තවමත් වටහාගෙන නැති දෙය නම්, කියුබානුවන් ඉතා ආඩම්බර ජනතාවක් වන අතර අපගේ ජාතික අභිමානය යමෙක් ප්‍රශ්න කරන විට, අපේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට අපි එක්සත් වෙමු.

අපට නිවාස සම්බන්ධ ගැටළු රාශියක් ඇත, පොදු ප්‍රවාහනයේදී අපට බරපතල දුෂ්කරතා ඇති අතර දැන් කොවිඩ් වසංගතය සෑම තැනකම බොහෝ දෙනෙකුට දුක් වේදනා ගෙන දෙයි. මේ සියල්ලටම වඩා, එක්සත් ජනපද රජය වසර 60කට ආසන්න කාලයක් තිස්සේ කියුබාවට එරෙහිව පවත්වා ගෙන ගිය ආර්ථික අවහිරය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රතිජීවක ඖෂධ සහ සිරින්ජ වැනි වෙනත් වෛද්‍ය ද්‍රව්‍ය හිඟයක් ඇති වී තිබේ. පිටතින් මුල්‍ය ප්‍රේෂණ පැමිණීම වැළැක්වීමට එක්සත් ජනපදය මගින් පනවා ඇති මූල්‍ය සම්බාධක හේතුවෙන් අපට අවශ්‍ය සියලුම ආහාර මිලදී ගැනීමට විදේශ මුදල් නොමැති වී ඇත.

එක්සත් ජනපදය මෙම අවහිරය පවත්වා ගෙන යන්නේ නම්, එක්සත් ජනපද රජය මගේ ජනතාවගේ සුභසාධනය ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වන බව දැන් කිසිවෙකුට මට ඒත්තු ගැන්විය හැකිද? මම අවංකවම තේරුම් ගැනීමට අසමත් වෙමි.

මේ සියල්ල තිබියදීත්, කිසිදු ජාත්‍යන්තර ඖෂධ සමාගමක මැදිහත්වීමකින් තොරව, කොවිඩ් – 19ට එරෙහිව එන්නත් එකක් නොව දෙකක්ම නිෂ්පාදනය කරමින් විශාල පරිත්‍යාගයක් කළ එකම ලතින් ඇමරිකානු රට කියුබාවයි. මට අවශ්‍ය වන්නේ එක්සත් ජනපද ජනතාවද අපගේ සහයෝගිතාව අවශ්‍ය නම් අපි එය සතුටින් ලබා දෙන බව ඔවුන් දැන ගෙන සිටීමයි. සමහරවිට ඔබ නොදන්නවා ඇති, මෙම වසංගතය මඟහරවා ගැනීමට සහ ලොව පුරා සිටින අසරණ අයට උපකාර කිරීම සඳහා රටවල් 50කට වැඩි ගණනක සේවය කරන කියුබාවේ ජාත්‍යන්තර වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ කණ්ඩායම නම් කර ඇත්තේ, දහනව වන ශතවර්ෂයේදී ස්පාඥ්ඥයට එරෙහි සටනේදී කියුබාව සමග සටන් කළ නිර්භීත තරුණ එක්සත් ජනපද පුරවැසියෙකු වන Henry Reeveගේ නමිනි. Henry Reeve බළකාය වෙනුවෙන් සහ තවත් බොහෝ දේ සඳහා මගේ ජනතාව සහ මගේ සමාජවාදී විප්ලවය ගැන මම ආඩම්බර වෙමි.

== මගේ ජනතාව වන කියුබානු ජනතාව උණුසුම්ව වැලඳ ගනිමි.

Aleida Guevara March

හවානා, ජුලි, 2021

(Che Guevara ගේ දියණිය වන Aleida Guevara හවානාහි ජීවත් වන අතර ළමා ආසාත්මිකතා පිළිබඳ ළමා රෝග විශේෂඥයෙකු ලෙස සේවය කරයි)

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්