අද ආසාදිත මරණ 56ක්…

අද ආසාදිත මරණ 56ක්…

අද (30) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තා අනුව පුද්ගලයින් 56 දෙනෙකු ඊයේ (29) මරණයට පත්ව තිබේ.

ඒ අනුව කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 4,380 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 67 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 17වන ස්ථානයේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්