දරුවන් යොදා සිදුකල අසභ්‍ය දර්ශන අඩංගු විඩියෝ පට සහ ඡායාරූප 17000 කට අධික ප්‍රමාණයක් පසුගිය මාසයක කාලයකදී ශ්‍රී ලංකාවෙන් අන්තර්ජාලයට මුදා හැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
පසුගිය ජූනි මස 17 දා සිට ජූලි 28 දක්වා සිදුකල නිරීක්ෂණයකදී දරුවන් යොදා සිදුකල අසභ්‍ය දර්ශන අඩංගු විඩියෝ පට සහ ඡායාරූප 17629 ක් ශ්‍රී ලංකාව තුල භාවිතා කරන පරිගණක, ජංගම දුරකතන සහ වෙනත් සන්නිවේදන උපකරණ භාවිතා කර අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
“ළමා හා කාන්තා කාර්යංශය සහ පොලිසිය එක්ව මේවා කරන පුද්ගලයන් සහ කන්ඩායම් ගැන පුලුල් පරික්ෂණයක් කරනවා. මෙවා කරන පුද්ගලයන් සොයා බැලීමට පොලිස් විශේෂ කාන්ඩායමක් පත්කර තිබෙනවා. ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට නිකුත් කල පුද්ගලයන්ට විරුද්ධව අපි තදින් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වෙනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.










