GMOA එකෙන් පොදු අපේක්ෂකයෙක්

GMOA එකෙන් පොදු අපේක්ෂකයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2024 ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කරයි.

තම සංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් දූෂිතයන් ඒ පසුපස සිටින බවත් මේ බව විස්තර කරමින් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියා තිබිණි.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට ඉදිරිපත් වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින් අනුරුද්ධ පාදෙනිය ඇතුළු එම සංගමයේ නිලධාරීන්ට එරෙහිව ලබා ගනු ලැබූ අධිකරණ නියෝගයෙන් පසුව බවත් මෙය ආණ්ඩුවේ පාර්ශව දෙකක් අතර පවතින ගට්ඨනයේ ප්‍රතිඵලයක් බවත් දේශපාලන විචාරකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්