හොඳටම කරලා; ලක්ෂ 06කගේ ජීවිත අනතුරේ

හොඳටම කරලා; ලක්ෂ 06කගේ ජීවිත අනතුරේ

කොවිඩ් වසංගතය පාලනය සඳහා මුලින්ම ලබාදුන් ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව මෙතෙක් ලබා නොදීම නිසා මේ වනවිට වේගයෙන් පැතිරී යන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ බරපතල අවධානමකට ලක්වී ඇති බව වෛද්‍ය විශේෂඥයෝ හෙළි කරති.

එම එන්නත් මාත්‍රාව මුල් වටයේදී ජන ගහණයෙන් ලක්ෂ 06කට ලබාදෙන ලද අතර ඉන් මාස 04ක් ඉක්මවා ගොස් ඇති තැන මේ වනවිටත් දෙවෙනි මාත්‍රාව ලබාදී නැත. ආණ්ඩුව මෙම වගකීමෙන් බේරීම සඳහා මේ දක්වා විවිධ කරුණු දක්වා තිබෙන මනුත් මෙම පිරිසගේ ජීවිත අවදානම අවම කිරීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් අනුගමණය නොකළේය.

ඇස්ට්‍රසෙනිකා එන්නත වෙනුවට එවැනි වෙනත් එන්නත් ආදේශක වශයෙන් ලබාදීම යෝග්‍ය බව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු සහ ඉහළ නිලධාරීන් වරින් වර ප්‍රකාශ කර තිබිණි. එසේ ප්‍රකාශ කරමින් කල් මැරීම නිසා මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය හමුවේ බරපතල තත්වයක් ඇතිවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්