පොදු ප්‍රවාහනය භාවිතා කිරීමේදී එන්නත් දෙකම ලබාගෙන සිටින පුද්ගලයින්ට බස්රථවල ගමන් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන බවත් ඉදිරියේදී එන්නත්කරණය සම්පූර්ණ කරන ලද පුද්ගලයින්ට පමණක් මගී බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මේ මගින් පළාත් අතර බස් රථ ධාවනයද සිදුකළ හැකි බවය.
“එන්නත් දෙකම ලබාගත් අයට මුදල් ගෙවා කඩිනමින් තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන්න. එය සෞඛ්‍ය අංශය බලධාරීන් විසින් එය ලබාදීමට කටයුතු කරන්නේ නම් වඩාත් හොඳයි. ඒ නිසා අපි යෝජනා කරනවා එම හැඳුනුම්පත කඩිනමින්ම නිකුත් කරන්න කටයුතු කරන්න කියලා. එතකොට සංචරණ සීමා තිබියදී අත්‍යාවශ්‍ය සේවාවන්ට ප්‍රශ්නයක් නැහැ. අපි බස්රථවල ගමන් කරන්න ඉඩකඩ දෙනවා ඒ හැඳුනුම්පත ඉදිරිපත් කරන පුරවැසියන්ට.”










