ටියුනීසියානු ජනාධිපතිවරයා විධායක බලතල පාවිච්චි කර එරට අගමැතිවරයා ධූරයෙන් නෙරපා හැරීමත් සමග මේ වනවිට ටියුනීසියාව දේශපාලන අර්බුදයකට මුහුණ පා තිබේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශේෂඥයකු ලෙස සැලකෙන 63 හැවිරිදි ජනාධිපති කයිස් සයිඩ් ටියුනිස් විශ්ව විද්‍යාලයේ නීතිය ඉගැන්වූ ආචාර්යවරයකු වූ අතර ඔහු 2019 මැතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඔහුට දේශපාලනය පිළිබඳව අත්දැකීම් නොමැතිවීම හේතුවෙන් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමග ඔහුගේ පාලනය සමයේදී නිරන්තර මතගැටුම් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ඉරිදා ධූරයෙන් නෙරපා හැරීමෙන් පසුව අගමැති හිචෙම් මෙචිචි කියා සිටියේ තමා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකු නෙරපා හරින බව සයිඩ් මහතා නිවේදනය කිරීමෙන් පසුවද කැබිනට් රැස්වීමක් පැවැත්වූ බවයි. එසේම හමුදාව විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ එම භූමිය වටකර තිබියදී පවා මන්ත්‍රීවරුන් මුණගැසෙන බවද පවසා තිබේ.
ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා නෙරපා හරිනු ලැබීමට හේතු ලෙස දක්වා ඇත්තේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඔහු ප්‍රමුඛ රජය අපොහොසත් වීමේ චෝදනාව එල්ල කරමිනි. ඔහුට අමතරව සෞඛ්‍ය ඇමතිවරයා, ආරක්ෂක ඇමතිවරයා මෙන්ම වැඩබලන අධිකරණ ඇමතිවරයාද ධූරයෙන් ඉවත් කිරීමට ඔහු කටයුතු කර ඇති අතර ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ව්‍යවස්ථා විරෝධීව බලය උදුරා ගැනීමක් ලෙසට චෝදනා එල්ල වෙමින් තිබේ.
ජනපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් උද්ඝෝෂණ රටපුරා පැනනැගි අතර ජනපතිවරයාද තින්දුව පක්ෂපාතී සිය හිතවාදීන්ද විථිවලට කැඳවා තිබිණි. ජනාධිපති කයිස් සයිඩ් මේ වනවිට දින 30 ක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්ද අවලංගු කර ඇති අතර රටපුරා ඇඳිරි නීතිය පනවා හමුදාව කැඳවීමට කටයුතු කර ඇත.
ව්‍යවස්ථා නීති විශාරදයෙකු ලෙසද කටයුතු කළ අයෙකු බව පැවසෙන 63 හැවිරිදි ජනපති කයිස් සයිඩ් මැතිවරණයෙන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ දරුණු ලෙස බෙදී ගිය පාර්ලිමේන්තුවක් සමග රාජ්‍ය පාලනය සිදු කරනු ලැබූ බව පැවසේ. අගමැතිවරයා සහ පාර්ලිමේන්තු කථානායකවරයා යන දෙන්නාම ඔහුට විරුද්ධ පාර්ශවයේ බවත් එම නිසා නිරන්තරයෙන් මත ගැටුම් ඇතිවූ බවත් පැවසේ.
මෙම දේශපාලන අර්බුදයෙන් අනතුරුව ජනාධිපති සයිඩ් එරට රූපවාහිනිය හරහා ප්‍රකාශයක් සිදු කරමින් “මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවීමක් නොවේ.” “ආයුධ ලබා ගැනීමට සිතන ඕනෑම කෙනෙකුට සහ වෙඩි උණ්ඩයකට වෙඩි තබන ඕනෑම කෙනෙකුට ත්‍රිවිධ හමුදාව“ වෙඩි උණ්ඩවලින් ප්‍රතිචාර දක්වනු ඇති ”බවට අනතුරු අඟවා ඇත.
දශක දෙකකට වැඩි කාලයක් ඒකාධිපති පාලනයෙන් බැටකෑ ටියුනිසියානුවන් 2011 වසරේ ජනවාරී මාසයේදී ආඥාදායකයා වූ සයින් එල්-අබිදීන් බෙන් අලිගේ පාලනය පෙරළ දැමීමට කටයුතු කරනු ලැබූ අතර ඊට නිසි නායකත්වයක් දීමට දේශපාලන ව්‍යාපාරයක් නොමැති වීම හේතුවෙන් එම අරගලයේ නිමාව දේශපාලන අර්බුද සහිත රාජ්‍යයක් බවට ටියුනිසියාව පත්කරනු ලැබීය. එතැන් සිට වැඩි නිදහසක් සහ යහපත් ජීවිතයක් බලාපොරොත්තුවූ ටියුනිසියානුවන්ට උරුම වූයේ අරාජික රාජ්‍යයකි.
අරාබි වසන්තය අවුලුවාලූ 2011 නැගිටීමෙන් පසුව 2013 දී මුස්ලිම් සහෝදරත්වයේ මොහොමඩ් මෝර්සි නෙරපා දැමීමට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි කටයුතු කරනු ලැබීය. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වන දෙවන නායකයා තේරීමට පැවැත්වූ 2019 මැතිවරණයෙන් විස්මිත ජයග්‍රාහකයෙකු වූ , 63 හැවිරිදි වියේ පසුවන සයිඩ් දේශපාලන අත්දැකීම් නොමැති වීමත් ඔහුට පාලන තන්ත්‍රය පවත්වාගෙන යාම වෙනුවෙන් දේශපාලන පක්ෂයක් නොමැති වීමත් හේතුවෙන් මෙම නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිහිනය දකිමින් සිටි ටියුනිසියානුවන්ගේ බලාපොරොත්තුව බොඳවීමේ පෙරනිමිති දැල්වී තිබේ.










