කියුබාවේ මානව හිමිකම්වලට සහය දැක්වීමට සහ කියුබානු ජනතාව සවිබල ගැන්වීමට ජනාධිපති බයිඩන්ට අවශ්‍ය නම්, ට්‍රම්ප් විසින් ආරම්බ කළ මුදල් ප්‍රේෂණ තහනම අවසන් කිරීමෙන් සහ එක්සත් ජනපද වැසියන්ට කියුබාවට සංචාරය කිරීමේ අයිතිය යථා තත්වයට පත් කිරීම හරහා ආහාර අර්බුදය සමනය කිරීමෙන්ම ඔහුට එය ආරම්භ කළ හැකිය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික සම්බාධක ආපසු හරවන බවට ජනාධිපති ජෝ බයිඩන් දුන් තම මැතිවරණ පොරොන්දුව ඉටු කරනවද නැද්ද සහ කරන්නේ කවදාද යන්න ගැන කල්මරමින් සිටින අතරතුර, කියුබාවේ ජනතාව කුසගින්නෙන් පෙළෙති. කියුබාව සිය ආහාරවලින් 70%ක් ආනයනය කරන අතර, ට්‍රම්ප්ගේ මුදල් ප්‍රේෂණ තහනම් කිරීම සහ COVID-19 විසින් සංචාරක කර්මාන්තය වසා දැමීම හේතුවෙන් විදේශ විනිමය ඉපැයීම් විශාල වශයෙන් පහත වැටී ඇත. දැනටමත් පවතින අස්ථිර තත්වය, ලෝක වෙළඳපලේ ආහාර මිල ඉහළ යාම විසින් උග්‍ර කර ඇති අතර ඒ තුළින් දැඩි අහාර හිඟයක් සහ මානුෂීය අර්බුදයක් ඇති කිරීමට හේතු වී ඇත.
Dwight D. Eisenhower ධවල මන්දිරයේ වාඩි වූ දා සිට කියුබාවට එරෙහි වොෂිංටන් අවි ගබඩාවේ කුසගින්න ආයුධයකි. 1960 ජනවාරියේදී, “ඔවුන් (කියුබානු ජනතාව) කුසගින්නේ සිටී නම්, ඔවුන් කැස්ත්‍රෝව එළියට ඇද දමනු ඇත” යනුවෙන් තර්කයක් ඉදිරිපත් කරමින් කියුබාවට එරෙහිව සම්බාදක දැමීමට යෝජනා කළේය. 1960 අප්‍රියෙල් මාසයේදී අන්තර් ඇමරිකානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් Lester D. Mallory යෝජනා කළේ, කියුබාවේ ආර්ථික ජීවිතය දුර්වල කිරීමට, සාගින්න, අපේක්ෂා භංගත්වය සහ රජය පෙරලා දැමීම සඳහා හැකි සෑම ක්‍රමයක්ම කඩිනමින් කළ යුතුය යනුවෙනි.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි එක්සත් ජනපදය විසින් මෙතෙක් ආහාර හා ඖෂධ අලෙවිය තහනම් කිරීම ඇතුළුව ඕනෑම රටකට පනවා ඇති වඩාත්ම පුළුල් ආර්ථික සම්බාධක පැනවීය. එම සම්බාධකයන්වල හරය එතැන් සිට මේ දක්වා ක්‍රියාත්මක වේ.
1975 සිට 1992 දක්වා කියුබාවට එක්සත් ජනපද සමාගම්වල උප සමාගම්වලින් භාණ්ඩ මිලදී හැකියාව තිබුණි. කියුබාව මෙසේ වාර්ෂිකව මිලදී ගන්නා භාණ්ඩවල දල වටිනාකම දල වශයෙන් ඩොලර් මිලියන 700ක් වූ අතර ඒවායින් 90%ක්ම ආහාර හා ඖෂද විය. ජනාධිපති අපේක්ෂක බිල් ක්ලින්ටන්ගේ සහාය ඇතිව ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් 1992දී කියුබානු ප්‍රජාතන්ත්‍රවාදී පනතට අත්සන් තැබූ අතර ඒ හේතුවෙන් ඒ වනවිට මිලදී ගත් අහාර හා ඖෂද මෙම පනත නිසා කපා හැරියේය. ඒ වනවිට කියුබාවට සෝවියට් ආධාරද අහිමිවීම හේතුවෙන් කියුබානු ආර්ථිකය කඩා වැටුනේය. මේ හේතුවෙන් කියුබානුවන් එවකටද කුසගින්නෙන් පෙළුණි. “ආහාර හිඟය සහ බෙදා හැරීමේ ගැටළු මන්දපෝෂණය හා රෝග ඇති කිරීමට හේතු වී තිබේ” යනුවෙන් CIA 1993 අගෝස්තු මාසයේදී වාර්තා කළේය.
ට්‍රම්ප් පරිපාලනයේ “උපරිම පීඩනය” පිළිබඳ ව්‍යාපාරයෙන් සැලසුම් කර තිබුනේ සංචාර, ප්‍රේෂණ සහ වෛද්‍ය සේවා අපනයනයෙන් කියුබාවේ ඉපැයීම් සීමා කිරීම මගින් කියුබාවේ විදේශ විනිමය ඉපැයීම් ප්‍රභවයන් අවහිර කිරීමයි. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කියා සිටියේ, කියුබාව “සාගින්නෙන් පෙළීමේ” අරමුණ කියුබා පාලන තන්ත්‍රය පෙරලා දැමීම බවයි.
එක්සත් ජනපදය තවදුරටත් කියුබාවට ආහාර විකිණීම තහනම් කර නැතත්, ආර්ථික සම්බාධක තීව්‍ර කිරීමෙන්, ඕනෑම තැනකින් ප්‍රමාණවත් ආහාර සැපයුම් මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීමට කියුබාවට ඇති හැකියාව වොෂින්ටනය බාධා ඇති කරයි. තවද, ආහාර හිඟය උග්‍ර කිරීමෙන්, වසංගතය මධ්‍යයේ කියුබානුවන්ට පැය ගණනක් පෝලිම්වල රැඳී සිටීමට බල කිරීම මගින් COVID පැතිරීම පාලනය කිරීමට කියුබාවට ඇති හැකියාව එක්සත් ජනපද ප්‍රතිපත්තිය විසින් බාධා ඇති බාධා කරයි.
ආහාර බලහත්කාරයේ මෙවලමක් ලෙස යොදාගැනීම, අන්තර්ජාතික ප්‍රජාව සලකන්නේ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංගනය කිරීමක් ලෙස ය. අන්තර්ජාතික සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් ලෙස “ගැටුම් අවස්ථාවන්හිදී” හිතාමතාම ආහාර අහිමි කිරීම හෙළා දකින 2417 වන යෝජනාව අනුමත කිරීමට 2018 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේය.
එක්සත් ජනපද සම්බාධක ගැන තමන් සිතන්නේ කුමක්ද යන්න ජාත්‍යන්තර ප්‍රජාවද පැහැදිලි කර තිබේ. 1992 සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කියුබානු ජනතාවට ඇති අහිතකර බලපෑම් හේතුවෙන් සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින යෝජනාවක් සඳහා වාර්ෂිකව විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කර තිබේ. 2019 දී එම යෝජනාවට ඡන්ද 187ක් පක්ෂවද ඡන්ඳ තුනක් විරුද්ධවද හිමි විය. එයට විරුද්ද වුයේ එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ බ්‍රසීලය පමණි.
බයිඩ්න් පරිපාලනය කියුබාවේ ප්‍රතිපත්තිය පිළිබඳ සමාලෝචනය තවමත් අවසන් කර නැතත්, නිලධාරීන්ගෙන් විමසූ විට, එය ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ “කියුබානු ජනතාව සවිබල ගැන්වීම” කෙරෙහි කේන්ද්‍රගත වනු ඇතැයි කීමට කිසි විටෙකත් සමත් වී නැත. ඔහුගේ තහවුරු කිරීමේ නඩු විභාගයේදී, බටහිර අර්ධගෝල කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ලෙස බයිඩ්න් නම් කරන ලද බ්‍රයන් නිකල්ස් ප්‍රකාශ කළේ,” කියුබානු ජනතාවට වඩාත් සුදුසු දේ කෙරෙහි අපගේ උත්සාහයන් යොමු කළ යුතු බවයි.
කියුබානු නිදහස් දිනයේදී රාජ්‍ය ලේකම් Anthony Blinken කියුබානු ජනතාව කෙලින්ම ඇමතූ අතර, එහිදී ඔහු කියා සිටියේ “ඔබගේ දෛනික ජීවිතයේදී ඔබගෙන් බොහෝ දෙනෙක් මුහුණ දෙන අභියෝග අපි හඳුනාගෙන සිටිමු” බවය. එසේම “පවුල්වල සහ කම්කරුවන්ගේ ජීවිත වැඩිදියුණු කරන අයට අපි සහාය දෙන්නෙමු” යනුවෙන්ද ප්‍රකාශ කළේය.
ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් තම “නිදහසේ සතර” අතරට “අවශ්‍යතාවයෙන් නිදහස් වීම” ඇතුළත් කළ විට කෑමට ප්‍රමාණවත් ආහාර තිබීමද මූලික මිනිස් අයිතියකි. එක්සත් ජනපදය අත්සන් කළ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 25 වන වගන්තියට ප්‍රමාණවත් ආහාර අයිතියක් ලෙස ඇතුළත් වේ.
කියුබාවේ මානව හිමිකම්වලට සහය දැක්වීමට සහ කියුබානු ජනතාව සවිබල ගැන්වීමට ජනාධිපති බයිඩන්ට අවශ්‍ය නම්, ට්‍රම්ප් විසින් ප්‍රේෂණ තහනම් කිරීම අවසන් කිරීමෙන් සහ එක්සත් ජනපද වැසියන්ට සංචාරය කිරීමේ අයිතිය යථා තත්වයට පත් කිරීමෙන් ආහාර අර්බුදය සමනය කිරීමෙන් ඔහුට ආරම්භ කළ හැකිය. ප්‍රේෂණයන් මුදල් කෙලින්ම කියුබානු පවුල්වල සාක්කුවලට දමයි. ගමන් කිරීමේ අයිතිය යථා තත්ත්වයට පත් කිරීම, කියුබාවේ පෞද්ගලික අංශය Covidවලින් පසුව යථා තත්වයට පත් කිරීමට උපකාරී වේ. එහි ප්‍රතිපලයක් වශයෙන් විදේශ විනිමය මුදල් ගලා ඒම රජයට වැඩි වශයෙන් ආනයනය කිරීමට හැකි වනු ඇත.
ප්‍රමාද වීමට නිදහසට කරුණක් නැත. එක්සත් ජනපද ප්‍රතිපත්ති හේතුවෙන් කියුබාවේ ආහාර අර්බුදයක් පවතින බවත් එය සමනය කිරීමට උපකාර කිරීම සදාචාරාත්මක බැඳීමක් බවත්, එය ආරක්ෂා කිරීම වගකීමක් බවත් හඳුනා ගැනීම සඳහා දීර්ඝ කාලීන ප්‍රතිපත්ති සමාලෝචනයක් අවශ්‍ය නොවේ. එපමණක් නොව, ජනාධිපතිවරණ සමයේදී බයිඩන් තමා ගන්නා බවට පොරොන්දු වූ ක්‍රියාමාර්ග මේවාය. ඔහු ප්‍රමාද වන සෑම දිනකම කියුබානුවන් කුසගින්නෙන් පෙළෙන තවත් දිනයකි.










