රජයේ වියදම, ආදායම මෙන් තුන් ගුණය ඉක්මවයි…

රජයේ වියදම, ආදායම මෙන් තුන් ගුණය ඉක්මවයි…

පසුගිය වසරේ රජයේ වියදම එම වසරේ ආදායම මෙන් තුන් ගුණය ඉක්මවා ඇති බව අලුත්ම වාර්තාවලින් තහවුරු වී ඇත.

පසුගිය 2020 වසර වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව එම වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 4,456ක් වී ඇත. නමුත් එම වසරේ රජයේ මුළු ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 1,368ක් බව මහබැංකු වාර්ශික වාර්තාවේ සඳහන් වේ.

මේ අනුව ආදායම මෙන් තුන්ගුණය ඉක්මවූ රජයේ වියදමක් පවතී. එය ආදායම මෙන් 326%ක වියදමකි. මේ දක්වා ක්‍රියාත්මක මෙරට ආර්ථික ක්‍රියාවලිය විසින් රට දැවැන්ත ආර්ථික අර්බුදයකට ඇද දමා ඇති බව මේ අනුව තහවුරු වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්