ඊයේ (24) පොසොන් පොහොය දින සිතුල්පව්ව ආරණ්‍ය සේනාසනය වෙත යාම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබියදී අගමැතිවරයා හදිසියේ එම ගමණ අවලංගු කර ඇති බවට තොරතුරු හෙළි වේ.
අගමැතිවරයාගේ පරිවාර රථ සඳහා දෙබරවැව රෝහලේ ගිලන්රථ දෙකක්ද සූදානම් කර තිබී ඇත. එසේම සිතුල් පව්ව දායක සභාවේ සභාපතිවරයාද වන අගමැතිවරයාගේ ගමන හදිසියේ අවලංගු කිරීම පිළිබඳව එම දායක සභාවට දැඩි අවධානයක් යොමු කර තිබූ බව වාර්තා වේ. අගමැතිවරයා පොසොන් පොහොය දිනවලට අනිවාර්යයෙන්ම සිතුල්පව්ව ආරණ්‍ය වෙත යාමේ සිරිතක් මේ දක්වා අනුගමනය කර තිබිණි.
0










