එන්නත් ලබා නොදුන්නැයි ප්‍රාලේලා වෘත්තිය ක්‍රියාමාර්ගයක

එන්නත් ලබා නොදුන්නැයි ප්‍රාලේලා වෘත්තිය ක්‍රියාමාර්ගයක

ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට එන්නත් ලබාදෙන තෙක් කොවිඩ් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නොකැඳවීමටත්, ඒවාට සහභාගි නොවීමටත් එම නිලධාරීන් තීරණය කර තිබේ. කොවිඩ් ආසාදිතයින්, නිරෝධායනය වන පවුල් හා සාමාන්‍ය ජනතාව සමග කටයුතු කරන තමන්ට එන්නත ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් මෙතෙක් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් නොදැක්වූ බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එන්නත්කරණයේ ප්‍රමුඛතාවයන් සම්බන්ධයෙන් මේ වනවිට රට තුල බලවත් ගැටළුවක් පැනනැගී තිබේ. දේශපාලන බලපෑම් හා පෞද්ගලික හිතවත්කම් මත ප්‍රමුඛතාවයන් නොසලකා එන්නත් ලබාදෙන බව ජනතාව චෝදනා කරයි.කොවිඩ් ආසාදිතයින් සමග ඉදිරිපෙළ කටයුතු කරන ප්‍රාදේශීය ලේකම්වරුන් වන තමන්ටත් එන්නත් ලබා නොදී එන්නත් මාත්‍රා ලබා දුන්නේ කාටදැයි ඔවුහු ප්‍රශ්න කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්