නීතිපති දෙපාර්තමේන්තුවටත් පොලු තියලා…

නීතිපති දෙපාර්තමේන්තුවටත් පොලු තියලා…

නීතිපති දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ආදායම්වලින් රුපියල් ලක්ෂ 2697ක් අයරක ගැනීමට නොහැකි වී ඇති බව විගණන වාර්තාවලින් අනාවරණය වේ.

මෙම ආදායම ලබාගත නොහැකි වී ඇත්තේ 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහාය. එසේම එම දෙපාර්තමේන්තුවේ ගිණුම් තැබීමේ බරපතළ වැරදි රැසක් තිබෙන බවද, එම විගණන වාර්තාවලින් හෙළිවී තිබේ. 2019 වර්ෂය තුළදී අයකර ගැනීමට නොහැකි වූ මුළු ආදායම රුපියල් ලක්ෂ 734ක් වී තිබියදී එය ලක්ෂ 687ක් වශයෙන් අදාළ ගිණුම්වල දක්වා තිබිණි.

මේ අතර 2019 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පසුගිය සතියේදීය.

Facebook
Twitter
LinkedIn