චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රථ පෙළකින් කොළඹ කරා පැමිණෙද්දී මාර්ගයේ රථවාහන නවතා තැබීම ගැන ආණ්ඩුව විරෝධය පළ කරමින් විඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ බොරැල්ල මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට මෙම පුද්ගලයා බාධා කල බැවින් අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අද (30) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 32ක් පමණ වන බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වසර දහයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරට පැමිණි අයෙකු බවට වාර්තා වේ.
Views: 0










