වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාග කිරීමේ තීන්දුව කතානායකවරයාට ලබාදීමටත් පෙර එම කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය මැයි 05 වෙනිදා පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනුම්දී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ එයට විරෝධය පල කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක වරයාට ලබාදීමටත් පෙර ඒ සම්බන්ධ විවිදායට දින නියම කර ගැනීම නොකළ යුතු බව පෙන්වා දී තිබේ. එහෙත් ආණ්ඩුවේ ස්ථාවරය වී තිබෙන්නේ මැයි 04 වෙනිදා එම තීන්දුව කතානායකවරයාට ලබාදීමට නියමිත බැවින් 05 වන දින විවාදය පවත්වා සම්මත කර ගත යුතු බවය.
මෙවැනි වැදගත් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් එක්දින විවාදයක් ප්‍රමාණවත් නොවන බැවින් දින දෙකකවත් විවාදයක් පැවැත්විය යුතු බවට ජනතා විමුකති පෙරමුණ සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ පෙන්වා දී තිබේ. එහෙත් ආණ්ඩුව එයට එකඟ නොවී එක්දින විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇත.










