කැළණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සහ සිසුන් හතරදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ මේ වනවිට එම විශ්වවිද්‍යාලය තුළ කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබේ.
විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ ඉකුත් දිනවලදී පැවැති විභාගවලට සහභාගි වූ සිසුන් අහඹුව ගෙන සිදු කළ පරික්ෂාවකදී මෙලෙස ආසාදිතයන් හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විභාග දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනවිට විශ්ව විද්‍යාලය තුළින් ආසාදිතයින් හමුවීමත් සමඟ මේ දක්වා ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා පී.සී.ර්. පරීක්ෂණ සිදු කර නොමැති බවත් සිසුන්ට නිවෙස් වෙත යන ලෙසට දන්වමින් පාලනාධිකාරිය විසින් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇති බවට ශිෂ්‍ය සංගම් විසින් චෝදනා කරයි.
Views: 0










