පෝට් සිටි කොමිෂන් සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
මෙම පැහැදිලි කිරීමෙන් පසුව එයට පැමිණි භික්ෂූන් වහන්සේලා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිල නිවේදනයකින් දක්වා ඇත. එහි සඳහන් වන්නේ “රටක් එකතැන පල්විය යුතු නැති අතර, වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරති.“ යනුවෙනි.
මෙහි පැහැදිලිවම දක්වා ඇත්තේ රටේ තිරසාර සංවර්ධනයක් පිළිබඳව නොව ‘වාණිජමය වශයෙන්‘ ඉදිරියට යා යුතු බවය. එම සාකච්ඡාවට සහභාගී වූ භික්ෂූන් වහන්සේලාට මෙම වරාය නගර කොමිෂන් සභාව පිහිටුවීමෙන් පසුව එම කලාපයෙන් අත්කර ගත හැකි වාසි පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා දීර්ඝව කරුණු පැහැදිලි කළ බව දක්වා තිබේ.
එම කරුණු පැහැදිලි කිරීමෙන් පැහැදීමට පත්වූ එම භික්ෂුන් වහන්සේලා ‘භූමි ප්‍රමාණය පුළුල් කර, නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවර වීම රටක් ලෙස අත්කර ගන්නා ජයග්‍රහණයකි. වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගීසිටීමට එක්විය යුතුය. ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදී ඊට සහාය ගත යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.“ යනුවෙන් එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
හුදු වාණිජමය අරමුණු වෙනුවෙන් මෙම කලාපයේ සිදුකිරීමට සූදානම් වන ආයෝජන සඳහා සමස්ත සංඝයා වහන්සේලාගේම අනුමැතිය හිමිවී ඇති බව හැඟීයන පරිදි අදාළ නිවේදනය සකස් කර ඇති බව පැහැදිලිවේ.










