කැලණි ගඟට ඉතාමත්ම ඉහළ අවදානම්කාරී රසායන ද්‍රව්‍ය මුදාහරින කර්මාන්ත ශාලා 17ක් ඇතුළු නීති විරෝධී කර්මාන්ත ශාලා 263ක් සම්බන්ධනේ තොරතුරු හෙළිවී ඇත.
මෙම ගඟ ආශ්‍රිතව කර්මාන්ත 294ක් පිහිටා තිබෙන අතර, එ්වා අතරින් නිසි පරිදි පරිසර ආරක්ෂණ බලපත්‍ර සහිතව ක්‍රියාත්මක වන්නේ 31ක් පමණක් බව හෙළිවේ. රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නවතම වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය වේ.
කැලණි ගඟ දෙපස පිහිටා තිබෙන කර්මාන්ත ශාලා 205ක් සඳහා ලබාදි තිබුණු පරිසර ආරක්ෂණ බලපත්‍ර අත්හිටුවා ඇති අතර, කර්මාන්ත ශාලා 41ක් එම බලපත්‍ර රහිතව පවත්වාගෙන යයි. මේ අතරින් කර්මාන්ත ශාලා 17ක් ඉහළ අවදානමක් සහිත අපද්‍රව්‍ය මුදාහරිමින් ක්‍රියාත්මක කරමින් පවතී.
Views: 0










