විදෙස් ක්‍රිඩකයන් IPL ගහන්නේ මෙහෙමයි

විදෙස් ක්‍රිඩකයන් IPL ගහන්නේ මෙහෙමයි

මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙනIPL T20 තරඟාවලියේ සන්රයිස් හයිද්‍රබාද් කන්ඩායමේ නායක ඕස්ටේ්‍රලියානු ජාතික ඩේවිඩ් වෝනර් සහ ඔහුගේ කන්ඩායම් සගයෙකු වන නවසීලන්ත ජාතික කේන් විලියම්සන් පූර්ණ ආරක්ෂිත PPE ඇඳුමකින් සැරසී ගුවන්යානයක් තුලදී ගත් ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් වෙත නිකුත් කර තිබේ.
සන්රයිස් හයිද්‍රබාද් කන්ඩායම සහභාගි වන ඊලඟ තරඟය සඳහා චෙන්නායි සිට නවදිල්ලිය දක්වා පැමිණෙන අතරතුර මෙම ඡායාරූපය ලබාගෙන ඇත.
කොරෝනා උවදුරෙන් දැඩි ලෙස පීඩා විඳින ඉන්දියාවේ සිට ඕස්ටේ්‍රලියාව වෙත ගුවන්ගමන් අත්හිටුවීමට ඕස්ටේ්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් තීරණය කිරීමෙන් පසු තරඟාවලිය සඳහා ඉන්දියාවට ගොස් සිටි ඕස්ටේ්‍රලියානු ක්‍රිඩකයින් රැසක් ආපසු සියරට බලා යාමට තීරණය කරන ලදි.
ඉන්දියාවේ මේ වන විට දිනකට නිල වශයෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 3 කට අධික වේ.

Facebook
Twitter
LinkedIn