යුක්රේන් සංචාරකයන් පොලු තියලාද?

යුක්රේන් සංචාරකයන් පොලු තියලාද?

විශාල ප්‍රචාරයක් ලබාදෙමින් මෙරටට ගෙන්වා ගන්නා ලද යුක්රේන සංචාරකයන් ඇතුළු සංචාරකයන්ගෙන් පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළදීම ලැබී ඇත්තේ ඩොලර් මිලියන07ක් පමණ වූ ඉතාම සුළු ආදායමක් බව අනාවරණය වේ.

ශ්‍රී ලංකා මහ බැංකවේ නවතම වාර්තාවලින් මේ බව හෙළිවේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සියලුම නායකයන්ගේ පූර්ණ අනුග්‍රහය සහිතව උදයංග වීරතුංග විසින් මෙරට සංචාරක ව්‍යාපාරය නැවත පණගැන්වීම සඳහා යුක්රේන සංචාරකයන් ගෙනඑනු ලැබීය.

මේ පිළිබඳව රට තුළ මහත් ආන්දෝලනයක් සිදුවූ අතර, එම සංචාරකයන් ඇතුළු මෙරටට පසුගිය මාස දෙකක් පුරා පැමිණි සියලුම සංචාරකයන්ගෙන් උපයාගෙන ඇති මුළු ආදායම ඩොලර් මිලියන 07ක් වේ.එය ජනවාරි මාසයේදි ඩොලර් මිලියන 2ක් සහ පෙබරවාරි මාසයේදි ඩොලර් මිලියන 5ක් වශයෙනි.

Facebook
Twitter
LinkedIn