සපුගස්කන්න තෙල් පිරිපහදුවේ කොවිඩ් පොකුරක්… තෙල් බෙදාහැරීමත් නතරවීමේ අනතුරක්…

සපුගස්කන්න තෙල් පිරිපහදුවේ කොවිඩ් පොකුරක්… තෙල් බෙදාහැරීමත් නතරවීමේ අනතුරක්…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් – 19 පොකුරක් නිර්මාණය වී ඇති අතර මේ වනවිට සිදුවෙමින් පවතින, වසර දෙකකට වරක් මාසයක කාලයක් සම්පූර්ණයෙන් පිරිපහදු කටයුතු නතරකර සිදු කරන සියලු නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු නිසිලෙස අවසන් නොකර නතරවීහේ අවධානමක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ වනවිට සේවකයින් 1,400කගේ පමණ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල අද (21) පස්වරුව වනවිට ලැබීමට නියමිත අතර ඒ වනතුරු එහි ආසාදිද සේවකයින් සහ ආශ්‍රිතයින් රැගෙනයාම සඳහා හමුදා බස්රථ 08ක් පමණ මේ වනවිට තෙල් පිරිපහදුව අසළ නරත කර ඇතැයිද වාර්තා වේ.

උක්ත අලුත්වැඩියා කටයුතු සිදුකරන අවස්ථාව වනවිටත් තෙල් පිරිපහදුවේ කොවිඩ් – 19 ආසාදිතයන් එක් අයෙකු දෙදෙනෙකු හමුවී තිබීම හේතුවෙන් වෘත්තීය සමිති තෙල් පිරිපහදුවේ පරිපාලනයෙන් ඉල්ලා තිබී ඇත්තේ මෙම නඩත්තු කටයුතු මෙම කොවිඩ් තත්වය නිසා දැඩි කොන්දේසි රෙගුලාසි මත සිදු කළ යුතු බවය.

එහෙත් ඊට පරිපාලනයත් සේවකයනුත් සිය විරෝධය දක්වා තිබේ. මෙම නඩත්තු කටයුතු සඳහා බාහිරින් ගෙන්වන ලද පිරිසක් සම්බන්ධ කරගන්නා බැවින් ඔවුන් මාසයක කාලයක් මෙම නඩත්තු කටයුතු සිදුකරන තුරු බාහිර සම්බන්ධතාවලින් තොරව තබාගැනීමට එහිදී පරිපානය තීරණය කර ඇත. ඒ අනුව එහි නඩත්තු කටයුතු භාර ඉංජිනේරුවරුන් භාරයේ මෙම පිරිස තබාගෙන නඩත්තු කටයුතු සිදුකරමින් සිටියදී ඔවුන්ට පිටතට යාමට නොදීම ගැන විවිධ දේශපාලනඥයින්ට පැමිණිලි කිරීම හේතුවෙන් අදාළ ඉංජිනේරුවරුන් ඉවත් කර වෙනත් ඉංජිනේරුවරු පිරිසක් ඊට සම්බන්ධ කර තිබේ. ඉන් පසු මෙම සේවකයින් පිරිපහදුවෙන් පටතට ගොස් ඇති අතර ඔවුන් නිරන්තරයෙන් රාත්‍රී මත්පැන්සාද පවත්වා ඇත.

කෙසේ වෙතත් මෙම සියලු සාදක මත සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇත ඒ අනුව දැනට සේවනයින් 56 දෙනෙකු ආසාදිතවී ඇති අතර ඔවුන්ට ලංකා හොස්පිට්ල් මගින් ප්‍රතිකාර ලබාන අතර ගල්කිස්ස හෝටලේ නතර කර තිබේ. ඒ සඳහා සේවකයින්ට සහ සේවක පවුල්වල අයට ප්‍රතිකාරවලට ලබාදෙන මුදුල් වියදම් කරන අතර ඒ සම්බන්ධයෙන්ද සේවක විරෝධයක් මතුව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්